තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් 728,000ක් දිවයිනට

තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,000ක් දිවයිනට

by Staff writer 07-08-2021 | 6:13 PM

COLOMBO (News 1st)-ජපානයෙන් පරිත්‍යාග කළ තවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,000ක් අද(07) පස්වරුවේ දිවයිනට රැගෙන ආවේය.

එම මාත්‍රා තොගය රැගෙන ආවේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ජනාධිපතිතුමා ජපාන රජයෙන් කළ ඉල්ලීමක් මත මෙම එන්නත් තොගය මෙරටට පරිත්‍යාග කර තිබේ.