ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතට ඉන්දියාවේ අනුමැතිය

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් තනි මාත්‍රාවේ කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතයට ඉන්දියාවේ අනුමැතිය..

by Staff writer 07-08-2021 | 9:39 PM

News 1st - ජොන්සන් ඇන්ඩ් ජොන්සන් තනි මාත්‍රාවේ, කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ඉන්දියාව අනුමැතිය ලබා දී තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය සෞඛ්‍ය අංශ මේ බව තහවුරු කළේ ය. ඉන්දීය රජය විසින් හදිසි භාවිතය සඳහා අනුමැතිය දුන් 5 වැනි එන්නත මෙයයි. කොවිෂීල්ඩ්, කොවැක්සින්, ස්පුට්නික් සහ මෝඩර්නා යන එන්නත් වර්ග සඳහා මේ වනවිට ඉන්දීය සෞඛ්‍ය අංශ අනුමැතිය ලබා දී අවසන් ය. මෙම එන්නත් ලබා දීම සඳහා අනුමත වී ඇත්තේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් ය.