ජනපති සමාව යටතේ සමාජගත වූ සිරකරුවන් 16කට ස්වයං රැකියා අධාර..

by Staff writer 07-08-2021 | 10:44 PM

COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කලක් අත්අඩංගුවට පත්ව සිට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබූ සිරකරුවන් 16 දෙනෙකුට ස්වයං රැකියා සඳහා ආධාර ලබා දීම අද(07) සිදු කෙරිණි.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී අද පෙරවරුවේ මුදල් ආධාර බෙදා දීම සිදු කෙරිණි. මේ යටතේ එක් අයෙකුට ස්වයං රැකියාවක් ඇරඹීමට රුපියල් ලක්ෂයක මුදලක් හිමිවේ.