ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 94ක් කොටු

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ 94ක් අත්අඩංගුවට

by Staff writer 07-08-2021 | 11:06 AM

COLOMBO ( News 1 st ) - ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මෙතෙක් කළ වැටලීම් වලින් අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 53,453ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළුවන ස්ථාන 13කදී පුද්ගලයින් 7,103ක් පරීක්ෂාවට ලක් කර තිබෙන බවත්, පුද්ගලයින් 163 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 68ක් සමග ආපසු හරවා යවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා සති අන්තයේදී තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය. පොදු ස්ථානය සහ පොදු ප්‍රවාහනයන් භාවිතයේදී මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.