වේල්ලවිදියේ ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්නක්

කොළඹ වේල්ලවිදියේ ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්නක්

by Staff writer 07-08-2021 | 3:51 PM

COLOMBO (News 1st) - කොළඹ, වේල්ලවිදියේ මහල් ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ ගින්නක් හටගෙන තිබේ

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා සේවා රථ 08 ක් පිටත් කර ඇති බවය . අද දහවල් 12.50 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විටත් ගින්න මැඩපවත්වමින් ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත.