by Staff writer 07-08-2021 | 5:59 PM
COLOMBO (News 1 st) - මස්කෙළිය, කැනියොන් ජලාශයේ පාවෙමින් තිබියදි කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවී තිබේ.
අප වාර්තාකරු සඳහන් කළේ, අවුරුදු 08 ක් පමණ වයසැති කොටියෙකුගේ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග කැනියොන් ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, එම කොටියා ජලාශය හරහා එගොඩවීමට ගොස් ජලාශයේ ගිලී මිය යන්නට ඇතැයි සැක පල කරයි .
මිය ගිය කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙනිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කර තිබේ.