දිස්ත්‍රික්ක 11ක නගර 26ක ඩෙල්ටා ව්‍යාප්ත වෙයි

අවශ්‍ය වුවහොත් කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්..

by Staff writer 07-08-2021 | 10:27 PM

COLOMBO (News 1st) - අවශ්‍ය වුවහොත් කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් ධාරිතාව ඉහළ දැමීමට තීරණය කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ,විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා,
ඔක්සිජන් ටැංකියේ දැනට අපිට සාමාන්‍යයෙන් ලීටර් 26,000 ක් විතර ගබඩා කරන්න පුළුවන්. දැන්ට මේ තියෙන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් ඒකට සූදානම් වෙලා ඉන්න ඕනා
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝගීන් වාර්තා වීම වැඩි වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ තවත් නියදි පරීක්ෂාවකදි හෙළි වුණේ, දිස්ත්‍රික්ක 11 ක නගර 26 ක ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති බවය. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
අපිට එන්න පුළුවන් නිගමනය තමයි මේ සාම්පල ගත්තු ප්‍රදේශයේ දල වශයෙන් ඒ ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගීන් 100 දෙනෙක් හමුවුණොත් ඉන් 30 දෙනෙක් විතර කොවිඩ් රෝගීන් විය හැකියි. එය අපේ ඇස්තමේන්තුවක් පමණයි. මේ මොහොත වනවිට අපි දන්නවා කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල අවම වශයෙන් සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයක් මේ සම්පල්වල ඩෙල්ටා ප්‍රභේදය තියෙනවා කියන සොයා ගැනීම මේ වෙන විට කරලා තියෙනවා. ඊට වැඩියෙන් ඉදිරියේදී වැඩි වෙන්න පුළුවන් කියන එකත් අපි දන්නවා.