by Chathuranga Rajapaksha 07-08-2021 | 12:24 PM
COLOMBO (News 1st): ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව මහනුවර සිට කොළඹට ආරම්භ කළ විරෝධතා පාගමන තාවකාලිකව අත්හිටුවා තිබේ.
ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවය.
විරෝධතා පාගමන මහනුවරින් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 04වැනිදාය.
එම පාගමන ඊයේ(06) දින දක්වා වරකාපොල නගරයට පැමිණි තිබුණි.