එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් 30ට වැඩි කොළඹ ජනතාවට දැනුම්දීමක්

එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් 30ට වැඩි කොළඹ ජනතාවට දැනුම්දීමක්

එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් 30ට වැඩි කොළඹ ජනතාවට දැනුම්දීමක්

කර්තෘ Sagarika Chathumali

07 Aug, 2021 | 12:17 pm

COLOMBO (NEWS1ST) :  එකදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත්, කොළඹ නගරයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා ගැනීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත පැමිණෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

මීට අමතරව ප්‍රජා පොලිස් කමිටු කොළඹ නගරයේ එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් පිරිස් සොයා ගෙස් ඔවුන් එන්නත්කරණය සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි පිරිස් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත රැගන විත් එන්නත් ලබා දෙන බවයි.

ප්‍රජා පොලිස් කමිටු මැදිහත්වීමෙන් මේ වනවිට 5000 කට ආසන්න පිරිසක් එන්නත්කරණය සඳහා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙත රැගෙන විත් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය බලධාරීන් සහ කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]