විවාහ ඇතුළු උත්සව පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශ යළි සංශෝධනය කෙරේ

by Staff writer 06-08-2021 | 3:16 PM

COLOMBO (News1st) : පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් විවාහ උත්සව ඇතුළු උත්සව පැවැත්වීමේදී අනුගමනය කළ යුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.

•ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලා සඳහා උපරිම වශයෙන් 150 දෙනෙකු සීමාවකට යටත්ව විවාහ මංගල උත්සව සඳහා අවසර ලබාදේ. •ආසන සංඛ්‍යාව 500කට වඩා අඩු උත්සව ශාලා උපරිම වශයෙන් 100දෙනෙකු සීමාවකට යටත්ව විවාහ මංගල උත්සව සඳහා අවසර ලබා දේ. •අවමංගල්‍යය කටයුතු සඳහා එක්වරකට උපරිම වශයෙන් සහභාගී විය හැක්කේ, පුද්ගලයින් 25 දෙනෙකුට පමණි. •සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 01 දක්වා කල් දැමේ. • රජයේ සේවකයින්ගේ පැමිණීම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.