by Staff writer 06-08-2021 | 8:47 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ජානක තිස්ස කුට්ටිආරච්චි, රෝහණ දිසානායක සහ දිලිප් වෙදආරච්චි යන මහත්වරුන්ට කොවිඩ් ආසාදනය වී තිබේ.
රෝහණ දිසානායක මහතා පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී ඇති අතර දිලිප් වෙදආරච්චි මහතා පසුගිය දින තුනේම පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට ඇතැයි පාර්ලිමේන්තු වෙත්‍රධාරීවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, අදාළ මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිතයින් සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බවය.
මේ අතර සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද කොවිඩ් ආසාදනය වී තිබේ.
රමානායක මහතා ප්‍රතිකාර සඳහා අඟුණකොලපැලැස්සේ පිහිටි බන්ධනාගාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සඳහන් කළේ, දින කිහිපයකට පෙර අවමංගල්‍ය උත්සවයකදී රන්ජන් රාමනායක මහතා හමුවීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනට යොමු වූ බවය.