COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා මරණ 98 ක් වාර්තා වී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 54 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 44 දෙනා කාන්තාවන් ය.
අද දිනයේ වර්තා කළ මරණකරුවන් අතර වයස අවුරුදු 30 ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 27 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 70 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.
අද (06) වාර්තා කරන ලද මෙම මරණ 98 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.
