කොළඹ 'ඩෙල්ටා' වැඩි වෙයි... ජ'පුර සරසවියෙන් අනාවරණයක්

by Staff writer 06-08-2021 | 8:11 AM

COLOMBO (News1st) :  ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්තව ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසයි.

එහි වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, අහඹු නියැදි යොදා ගෙන සිදුකළ පරීක්ෂණවලදී ඒ බව අනාවරණය වූ බවයි. ඒ අනුව පසුගිය ජුලි මාසයේ පළමු සතියේ කොළඹින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 19.3% ක් ඩෙල්ටා ආසාදිතයින් ලෙස හඳුනා ගැණුන ද, ජුලි මස අවසන් සතිය වන විට එම ප්‍රතිශතය 75 %දක්වා වර්ධනයවී ඇතැයි, ඔහු ප්‍රකාශ කළේ ය.