ඔක්සිජන් හිඟවී මරණ ඉහළ යා හැකියි.. වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීම්

by Staff writer 06-08-2021 | 8:56 AM

COLOMBO (News1st) :  කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළේ, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. ඔක්සිජන් හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි , සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය. මේ අතර , කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍රයෙන් වාර්තාවීම හමුවේ රෝහල්වල තවත් වාට්ටු කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට සකස් කරමින් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ ය.