PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ළඟදී ම පාලන මිලක්

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ළඟදී ම පාලන මිලක්

by Sagarika Chathumali 05-08-2021 | 4:11 PM

COLOMBO (News1st) :  කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි, තහවුරු කිරීම සඳහා සිදුකරන PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික්ක 21 ක නිලධාරීන් විසින් PCR පරීක්ෂණ සිදු කරනු ලබන රෝහල් 45 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන රෝහල් 43ක් පරීක්ෂාවට ලක් කළ  බවයි. එම පරීක්ෂාකිරීම්වලදී විවිධ රෝහල් එකී පරීක්ෂණ සඳහා විවිධ වූ ගාස්තු අය කරන බවට අනාවරණය වී ඇතැයි, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ , PCR පරීක්ෂණයක් සඳහා රු. 5000 සිට රු. 9550 සිට දක්වා මුදලක් ද , ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා 2000 සිට 5900  දක්වා පරාසයන්හි අය කිරීම් සිදු කරන බවට ආනවරණය වී ඇති බවයි. පැන නැගී ඇති තත්ත්වය හමුවේ PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම මිල පිළිබඳව ලබන සිකුරාදා වන විට සිය අධිකාරිය දැනුවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී තිබේ. ඒ අනුව ලබන  සතිය වන විට ඉහත කී පරීක්ෂණ සඳහා මිල පාලනයක් නියම කිරීමට කටුයුු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.