සෞඛ්‍ය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක...

සෞඛ්‍ය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක...

by Staff writer 05-08-2021 | 11:26 AM

COLOMBO (News1st) :  ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්, අතුරු වෛද්‍ය සේවා, හෙද ඇතුළු සෞඛ්‍යය කාර්ය මණ්ඩල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අවශ්‍යතා නැවතත් නොසලකා හැරීමට එරෙහිව මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. ඒ අනුව ඔවුන්ගේ අවශ්‍යතාවයන් අතරට, ?සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට කෝවිඩ් විශේෂ නිවාඩු ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ?‌කොවිඩ් අනතුරු දීමනාව අඛණ්ඩව ලබා දීම ?සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමේ අමාත්‍ය මණ්ඩලය තීරණය ක්‍රියාත්මක කිරීම ?අතිකාල සීමාවන් ඉවත් කිරීම, ඇතුළු කරුණු හයක් ඇතුළත් වේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද උදෑසන කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් දුෂ්කරතාවයට පත්විය. දිවයිනේ අනෙකුත් රෝහල්වල දෛනික කටයුතු ද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩපණවී ඇතැයි, වාර්තා වේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන් සිදුවන සේවාවන් අද සිදුනොවුණ බවයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ රසායනාගාර කටයුතු ඇතුළු අංශ කිහිපයකම දෛනික කටයුතුවලට බාධා එල්ල විය.