සාමාන්‍ය සේවයෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් නොකෙරේ

සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

by Sagarika Chathumali 05-08-2021 | 9:06 PM

COLOMBO (NEWS1ST) : සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (06) සිට තාවකාලිකව නතර කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදිතය වීම හේතුවෙන් අවම සේවක සංඛ්‍යාවක් යටතේ සේවා ලබා දීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත් හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන්⁣ට පමණක් එක් දින සේවය යටතේ බලපත්‍ර නිකුත් කෙරෙනු ඇති.