COLOMBO (News1st) : කොළඹ පැවති ගුරු - විදුහල්පතිවරු විරෝධතාවයෙන් අනතුරුව අත්අඩංගුවට පත්වූ ගුරුවර, ගුරුවරියන්ගේ සුවදුක් වීමසිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කිහිප දෙනෙක් අද පෙරවරුවේ වරාය පොලිසියට පැමිණියහ.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අත්අඩංගුවට පත් ගුරුවර, ගුරුවරියන් ඇතුළු පිරිස හමුවීමට අවස්ථාව හිමි නොවී ය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා විමසා සිටියේ, විපක්ෂ නායකවරයා ලෙස පොලීසියට ගොස් අසරණභාවයට පත්වුණු ගුරුවරුන් 44 දෙනෙකුගේ සැපදුක් විමසීමට නොහැකි නම්, රටේ ඇත්තේ මොන ප්රජාතන්ත්රවාදයක් ද යන්නයි.
''අසරණභාවයට පත්වුණු ගුරුවරුනගේ දුක සැප සොයා බලන්න බැරි නම්, රටේ මොන ප්රජාතන්ත්රවාදයක් ද කියන ප්රශ්නය බරපතළ ලෙස පැන නගිනවා. මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව මම පාර්ලිමේන්තුවෙත් මේ ප්රශ්නය මතු කරන්නට යනවා. මගේ පමණක් නොවෙයි. නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාගේත් අයිතීන්, මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය වෙලා තියෙනවා''