රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ගුරුවරුන්ගෙන් කළ ඉල්ලීම

රටේ තත්ත්වය සලකා බලා අරගලය තාවකාලිකව හෝ නවතා දමන්න... - රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

by Sagarika Chathumali 05-08-2021 | 4:57 PM

COLOMBO (News1st) :  රටේ තත්ත්වය සලකා බලා මනුෂ්‍යත්වයට මුල්තැන දී අරගලය තාවකාලිකව හෝ නවතා දමන ලෙස දමන්නැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ ගොස් මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්ත්වයකට පත්වෙමින් ඇති බවයි. තව ද පසුගිය සති දෙකේ ඉහළ කෝරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ, ජනතාව මංගල උත්සව සඳහා සහභාගීවී මුහුණු ආවරණ ඉවත් කර අහාර ගැනීම, ගුරු උද්ඝෝෂණ සහ ජනඒකරාශීවීම් හේතුවෙන් බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.