නිරෝධායන නිතී කැඩූ 123ක් අත්අඩංගුවට..

නිරෝධායන නිතී කැඩූ 123ක් අත්අඩංගුවට..

by Staff writer 05-08-2021 | 12:34 PM

COLOMBO (News 1st) - නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 123 දෙනෙකු ඊයේ(05) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 53,266 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන ස්ථාන 13කදී පුද්ගලයින් 6,389 සහ ඔවුන් පැමිණි වාහන 3,265ක් පරීක්ෂාවට ලක්කර තිබේ . පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පුද්ගලයින් 96 දෙනෙක් පළාත් මායිම් සීමා අසලදී නැවත හරවා යවා ඇති බව ය.