දිස්ත්‍රික්ක 9 ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ..

දිස්ත්‍රික්ක 9 ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ..

by Staff writer 05-08-2021 | 9:00 AM

COLOMBO (News1st) :  ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි. ජලය ඇති ස්ථානවල මදුරු කීටයන් හඳුනා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින් දෙදෙනෙකු පුහුණු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ , ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය බළධාරින් කරන කටයුතු වලට පොලිස් නිල සුනඛයින් ද , දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පැවසුවේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.