ගැබිණි මව්වරුන්ට නිවසේ සිට රාජකාරී කිරීමේ අවස්ථාව

ගැබිණි මව්වරුන්ට නිවසේ සිට රාජකාරී කිරීමට නව චක්‍ර ලේඛයක්

by Staff writer 05-08-2021 | 4:41 PM

COLOMBO (News1st) : රාජ්‍ය සේවයේ නියුතු ගැබිණි මව්වරුන්ට නිවසේ සිට රාජකාරි කිරිමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, ඊට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ එකඟතාව ලැබි ඇති බවයි. රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, අද උදෑසන මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්  පැවති සාකච්ඡාවකදී සතියකට මුර දෙකකට සේවය ලබා දිය හැකි පරිදි රාජ්‍ය සේවයට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද එකඟතාව ද  පළ වූ බවයි. තවද රාජ්‍ය ආයතන තුළ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පවත්වා ගැනීම පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා වගකිව හැකි බලධාරියෙකු පත්කිරීමට ද එහිදී අවධානය යොමු වී තිබේ.