කාබනික පොහොර ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ

කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ - ලලිත් වීරතුංග

by Staff writer 05-08-2021 | 9:42 PM

COLOMBO (News 1st) - කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැතැයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා අද(05) ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා,
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් සෞභාග්‍යයෙ දැක්ම ඉදිරිපත් කරපු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වෙලා නැහැ.

එසේනම් රසායනික පොහොර ගෙන්වීමට ඉඩ දුන් බවට මතයක් පළවන්නේ ඇයි? මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා,

කාබනික පොහොර ව්‍යාපෘතියේදී ත් නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් කියන 3 අවශ්‍ය වෙනවා. ඒ ද්‍රව්‍ය එන්නෙත් මේ අපි කියන රේගු කාණ්ඩය එහෙමත් නැත්නම් HS code කියන මේක යටතේ. එතකොට band කියලා කිව්වහම ඒ අවශ්‍යතාවය අපිට ගෙන්වන්න විදිහක් නැතිවෙනවා. සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට ගේන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් භාණ්ඩ. හැබැයි මේ import export ගැසට් එකෙන් කරන්නේ යම්කිසි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයකට යොමු කරලා තියනවා. මුලින් අපි කරල තිබ්බේ ඒක තහනම් කරලා තිබ්බ එක. දැන් ලයිසන් අයිටම් එකක් හැටියට කරලා තියනවා. එතකොට ඒ ලයිසන් එක දෙන්නෙ කවුද. මේකේ බලධාරීන්. මේකෙ බලධාරීන් කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශට recomondation එකක් ඕනේ වෙනවා පොහොර කාර්යාංශය recomondation එකක් ඕන වෙනවා. මොකද HS code නැහැ මේ හැම එකේම. ගොඩක් කාණ්ඩ එකට එකතු කරලා එක අයිටම් එකක් හැටියට තමයි ඒක international දාල තියෙන්නේ. එතකොට අපිට වෙනම HS code හදන්න බැහැ මේ සංඝටකවල. එතකොට කරපු වැඩේ තමයි අර බෑන්ඩ් කරලා තිබ්බ එක ලයිසන් ක්‍රමවේදයකට හරවපු එක විතරයි.