එන්නත්කරණයට ලක්වූවන්ට සංචාරක ස්ථාන විවෘත වෙයිද?

පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයට සංචාරක ස්ථාන විවෘත කිරීමට සැලසුම්

by Staff writer 05-08-2021 | 2:30 PM

COLOMBO (News1st) :  පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට සංචාරක ස්ථාන විවෘත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ අවසරය මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත් සංචාරක ස්ථාන වෙත ඇතුළුවීමට පෙර පූර්ණ එන්නත්කරණයට ලක් වූ බවට තහවුරු කිරීම සඳහා එන්නත්කරණ කාඩ්පත හෝ එහි පිටපතක් ඉදිරිපත් කළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, එක් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින්ට සංචාරක ස්ථාන වෙත ඇතුල්වීමට අවසර හිමි නොවන බවයි.