by Staff writer 05-08-2021 | 10:40 AM
COLOMBO (News1st) : ලොව දිළිඳු රටවල ජනගහණයෙන් අවම වශයෙන් 10 % කටවත් කොරෝනා මර්දන එන්නත් ලබා දෙන තෙක් තුන්වන මාත්‍රාවක් ලබාදීම අත්හිටුවන්නැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රටවලින් ඉල්ලිමක් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ලොව ධනවත් රටවලින් ඉල්ලා සිටියේ, සැප්තැම්බර් අවසානය තෙක් තුන්වන මාතාවක් ලබා දිමට ගෙන ඇති තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙසයි.
එන්නත් ලබා දිමේදී ලොව දිළිඳු රටවලට ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් නිෂ්පාදනය කරන රටවලින් සහ සමාගම්වලින් ඉල්ලා සිටී.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, සෑම රටක්ම සැප්තැම්බර් අවසානය වන විට අවම වශයෙන් ජනගහණයෙන් 10%ක් වත් එන්නත්කරණයට ලක් කිරීම සිය ඉලක්කය බවයි.
වසර අවසානයේ අවම වශයෙන් රටක ජනගහනයෙන් 40% ක් එන්නතකරණයට ලක් කිරීම සිය ඉලක්කය බව එම සංවිධානය සඳහන් කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඊශ්‍රායලය, ජර්මනිය ඇතුළු රටවල් රැසක්ම මේ වනවිට සිය වැසියන්ට තෙවන එන්නත ලබා දීමේ සූදානමක පසුවන බවයි.