සංශෝධන සහිතව වුවද පනත සම්මත කරන්න දෙන්නේ නැහැ

සංශෝධන සහිතව වුවද පනත සම්මත කිරීමට ඉඩ දෙන්නේ නැහැ.. - සරසවි ගුරු, සිසු සංගම්

by Staff writer 04-08-2021 | 9:52 PM

COLOMBO (News 1st) - අධ්‍යාපනය මිල්ටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, සංශෝධන සහිතව වුවද මෙම පනත් කෙටුම්පත ගෙන් ඒමට ඉඩ නොදෙන බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ මහතා,
අපගේ මූලික කතන්දරය මේකයි. සිවිල් හා හමුදා අධ්‍යාපනය වෙන් කරන්න. මොකද සිවිල් අධ්‍යාපනය හමුදා පාලනයක් යටතේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියන්න බැහැ. ඒක තමයි මූලිකම කතන්දරය තියෙන්නේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා,
රටේ හැම පාර්ශවයක්ම කියන්නේ මේ පනත එපා කියලා. මේ පනත කියලා කියන්නේ විෂ කේක් ගෙඩියක් නම්, ඒක රසවත් කරන්න බැහැ උඩින් අයිසින් දාලා. වහාම මේ පනත හකුළා ගන්න ඕනේ එහෙම නොවන තත්ත්වයක් යටතේ අඛණ්ඩව අරගල කරනවා.