ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මි. 200 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මි. 200 ඉක්මවයි

by Staff writer 04-08-2021 | 11:18 AM

COLOMBO (News 1st) : ලොව පුරා කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ගොස් තිබේ.

ඒ ගතවූ පැය 24 තුළ ලොව පුරා රටවලින් නව කොරෝනා ආසාදිතයන් 5 97,114ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ගෝලීයව වාර්තා වන කොවිඩ් ආසාදතයින් සංඛ්‍යාව 200,301,683 ලෙස සඳහන් ය. කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට වැඩිම ආසාදිතයන් වාර්තා වූ රට වන්නේ ඇමරිකාවයි. එරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 36,000,000 කට අධික වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා ගොස් ඇත. ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර තෙවන ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. මේ වන විට ගෝලීයව, කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 4,259,000 කට අධික ය. මේ වනවිට ලොව පුරා මිලියන 180,561,000 අධික පිරිසක් කොරෝනා ආසාදිතව සිට සුවය ලබා තිබේ.