රන්ජන් රාමනායක දැඩි ආරක්ෂක රැකවල් මැද අවමංගල්‍ය උත්සවයකට

by Staff writer 04-08-2021 | 9:00 PM

COLOMBO (News 1st) - සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද(04) බන්ධානාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මීගමුවේ පැවති අවමංගල්‍ය උත්සවයකට රැගෙන එනු ලැබුවේ ය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එලෙස රැගෙන එනු ලැබුවේ, මීගමුවේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අභාවප්‍රාප්ත සිය නැන්දනියකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහායි. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව රන්ජන් රාමනායක මහතා යළිත් දැඩි ආරක්ෂක රැකවල් මැද බන්ධනාගාරයට රැගෙන ගියේ ය.