ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය බැහැ..

බස් රථවල මගීන් හිටගෙන ගියොත් රියැදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට

by Staff writer 04-08-2021 | 8:44 AM

COLOMBO (News1st) : ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ සේවකයින්ට එරෙහිව අද (04) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව, ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලිඛිතව දැනුවත් කර ඇති බවයි. ඒ අනුව ආසනගත මගීන්ට වඩා වැඩි මගීන් ප්‍රවාහනය කරන බස් රථවල රියැදුරු සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දී තිබේ. මීට අමතරව එලෙස මගීන් ප්‍රවාහනය කරන බස් රථ පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසු බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.