ගුරු - විදුහල්පති විරෝධය විසඳුමකින් තොරව අවසන්

පෙළපාළියෙන් ආ ගුරු - විදුහල්පති විරෝධය විසඳුමකින් තොරව අවසන්

by Staff writer 04-08-2021 | 4:04 PM

COLOMBO (News 1st): ගුරු - විදුහල්පති වෘත්තිය සමිති ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවති වි‍රෝධතාවය විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

විරෝධතාවයේ නිරත ගුරු - විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු සමග ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සාකච්ජාවක නිරත විය. සාකච්ඡාවෙන් පසු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පැවසුවේ සාකච්ඡාවෙන් විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම ගෙනයන බවය. පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලය අසල පැවති පැවති ගුරු-විදුහල්පති විරෝධතාවය හේතුවෙන් ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය. සිය වැටුප් විෂමතාවයන්ට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති රථපෙළපාලි කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුවෙන් ආරම්භ කෙරිණි. https://youtu.be/2ZOK5qBJTjA