COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කරන ලද කොරෝනා මරණ 82 ක් අද (04) වාර්තා කර තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය 82 දෙදෙනා වාර්තා වී ඇත්තේ, කාන්තාවන් 41 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 41 දෙනෙකු ලෙසයි.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 22 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 60 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන් ය.
