ඩෙල්ටා දැන් මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ද ?

ඩෙල්ටා දැන් මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ද ?

by Staff writer 04-08-2021 | 8:18 AM

COLOMBO (News1st) :  මේ වන විට මෙරට ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය ලෙස ඩෙල්ටා පැතිර යමින් ඇතැයි අනුමාන කරන බව , ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය පවසයි.

එහි වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, දැනට පැතිර යමින් ඇති ප්‍රභේදවල ව්‍යාකූලත්වයක් පවතී දැයි සොයා යළි අධ්‍යනයක් ආරම්භ කර ඇති බවයි. මේ අතර නව ආසාදිතයින් 2425 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 316, 219 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ හඳුනා ගත් පිරිස් අතරින් 2 දෙනෙකු හඳුනා ගෙන ඇත්විතේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පිරිස් අතරිනි. කොවිඩ් ආසාදිතව තවත් පුද්ගලයින් 74 කු මිය ගොස් ඇති අතර එම මරණ සියල්ලම පසුගිය 02 වැනිදා සිදුව ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4645 කි. සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 2 82 ,770 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.