PHIට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්..

ගිරිඋල්ලේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්

by Staff writer 04-08-2021 | 7:11 PM

COLOMBO(News 1st ) - ගිරිඋල්ල, පුස්කොලදෙණිය ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට(PHI) පහර දී කෙළ ගැසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කොවිඩ් ආසාදිත බවට සැක කරන පුද්ගලයෙකුගේ නිවසකට රාජකාරි කටයුතු සඳහා ගිය අවස්ථවේදී මෙය සිදුවී ඇති බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.