60ට වැඩි අයට යළි හෙට සිට සයිනෝෆාම්

අවුරුදු 60ට වැඩි අය සඳහා යළි හෙට සිට සයිනෝෆාම් පළමු එන්නත - යුද හමුදාපති

by Staff writer 04-08-2021 | 10:23 PM

COLOMBO (News 1st) - වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා හෙට (05) සිට යළිත් සයිනෝෆාම් පළමු එන්නත ලබා දීමට කටයුතු යොදා ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, රෝහල් හා එන්නත් මධ්‍යස්ථාන 05 කදී හෙට එන්නත්කරණය සිදු කරන බවය. ඒ අනුව කොළඹ ජාතික රෝහල, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිසා මහ රෝහල සහ විහාරමහ දේවි උද්‍යානයේදී එම එන්නත් වැඩසටහන හෙට සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.