by Staff writer 04-08-2021 | 4:46 PM
COLOMBO (News1st) : ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස විරෝධතාවේ නිරත වූ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු ද වන බවයි.
අත්අඩංගුවට ගත් පිරිස සමග වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවල සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණියේ ය.
රථ පෙළපාළිවලින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණි පිරිස පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.