චමීර කොස්වත්ත සහ කෝකිලා රක්ෂිත බන්ධනාගාරයට

චමීර කොස්වත්ත සහ කෝකිලා රක්ෂිත බන්ධනාගාරයට

චමීර කොස්වත්ත සහ කෝකිලා රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Staff writer

04 Aug, 2021 | 3:48 pm

COLOMBO (News1st) :  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ කෝකිලා හංසමාලි ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ (03) විරෝධතාව අතරතුර රජයේ දේපළ අනර්ථය හා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.

මේ අතර , පාර්ලිමේන්තුව අසල ඊයේ පැවති විරෝධතාව අතරතුරදි ඇතිවූ උණුසුම් තත්ත්වයේදී මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා තුවාල ලැබී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ස්ථානාධිපතිවරයාගේ අතෙහි ඇඟිලි දෙකකට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]