by Staff writer 04-08-2021 | 2:29 PM
COLOMBO (News1st) : ගුරු - විදුහල්පති වෘත්තිය සමිති රථ පෙළපාළි මේ වන විට ජනාධිපති කාර්යාලය අසලට පැමිණ තිබේ.
අප වාර්තාකරුවන් සඳහන් කළේ, විරෝධතාකරුවන් ජනපති කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ද මතුව ඇති බවයි.
සිය වැටුප් ගැටලුවට වහා ම විසඳුම් ලබා දෙන ලෙස බල කරමින් ගුරු - විදුහල්පති වෘත්තීය සමිති රථ පෙළපාළි ඇරඹුණේ, කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන නගරවලිනි.
මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගවේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ විරෝධතා රථ පෙළපාළිය ද ජනාධිපති කාර්යාලයට ළඟා වී තිබේ. .
කඩවත, පන්නිපිටිය සහ මොරටුව නගරවලින් ඇරඹි ගුරු - විදුහල්පති වෘත්තිය සමිති පෙළපාළි ජනාධිපති කාර්යාලය ආසන්නයට පැමිණ තිබේ.