by Staff writer 04-08-2021 | 1:18 PM
COLOMBO (News1st) : ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබා දෙන්නැයි, ඉල්ලමින් ගුරු - විදුහල්පතිවරුන් ප්‍රදේශ 4 ක සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණෙමින් සිටී.
කඩවත , පන්නිපිටිය , වැලිසර සහ මොරටුව සිට ගුරු - විදුහල්පතිවරුන් රථ පෙළපාළිවලින් කොළඹට පැමිණෙමින් ඇතැයි, අප වාර්තාකරුවෝ පවසති..
කොට්ටාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අසලින් විරෝධා රථ පෙළපාළියක් ආරම්භ විය.
මේ අතර මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ විරෝධතා රථ පෙළපාළිය ද කොළඹට පැමිණෙමින් සිටී.
මොරටුව ප්‍රදේශයෙන් ද තවත් එක් රථ පෙළපාළියක් ආරම්භ විය.
කඩවත ප්‍රදේශයේ සිට ද තවත් ගුරු - විදුහල්පතිවරුන් පිරිසක් කොළඹට රථ පෙළපාළියකින් පැමිණෙමින් සිටී.
අප වාර්තාකරු සඳහන් කළේ , එයට විරෝධය පළ කරමින් කඩවත පොලීසිය මහර අධිකරණය මගින් නිකුත් කළ වාරණ නියෝගයක් ද රැගෙන පැමිණි බවයි.
මේ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි සංවිධානය ද මේ වන විට දින 06 ක විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.
අද (04) එය ආරම්භ කළේ, මහනුවර නගරයෙනි.
මේ අතර පාර්ලිමේන්තුවේදීත් ගුරු - විදුහල්පති ගැටලු ගැන විවිධ අදහස් පළවිය.