කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් රාගම රෝහලේ තවත් වාට්ටු කිහිපයක් වෙන් කිරීමට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යවරිය

කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් රාගම රෝහලේ තවත් වාට්ටු කිහිපයක් වෙන් කිරීමට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යවරිය

කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් රාගම රෝහලේ තවත් වාට්ටු කිහිපයක් වෙන් කිරීමට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යවරිය

කර්තෘ Staff writer

04 Aug, 2021 | 11:00 pm

COLOMBO (News 1st) – රාගම ශික්ෂණ රෝහලට අද(04) හදිස්සියේ පැමිණි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහි කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණය කළාය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල අපි දැක්කා මේ වාට්ටුව අරගෙන සමස්ත කොවිඩ් රෝගීන් ඉන්න රාගම රෝහලේ වාට්ටු එක වගේ කියලා සමාජ මාධ්‍යවල වීඩියෝ නිකුත් කරලා තියෙනවා. අද අපි රෝහලේ අධ්‍යක්ෂතුමා සමග සාකච්ඡා කළේ තවත් වාට්ටු කිහිපයක් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට යම් තදබදයක් තියෙනවා නම් ඒ තදබදය සම්බන්ධයෙන් තවත් වාට්ටු කිහිපයක්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට  යොදා ගන්න. කොහොම වුණත් ජාතික ව්‍යසනයක් තිබෙන වෙලාවේ ලෝක ව්‍යසනයක් තියෙන වෙලාවේ රජයක් විදිහට ජනතාවට හැකි උපරිම ආකාරයෙන් ප්‍රතිකාර කරන්නට අපි කැපවෙනවා.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]