ඕමාන් බොක්කේදී නෞකාවක් පැහැර ගැනේ

ඕමාන් බොක්කේදී නෞකාවක් පැහැර ගැනේ

ඕමාන් බොක්කේදී නෞකාවක් පැහැර ගැනේ

කර්තෘ Staff writer

04 Aug, 2021 | 1:37 pm

COLOMBO (News1st) :  සන්නද්ධ කණ්ඩායමක් විසින් පැනමා ධජය සහිත නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සන්නද්ධ කණ්ඩායම එම්.වී. ඇස්ෆෝල්ට් ප්‍රින්සස් නැමති එම නෞකාවේ කාර්ය මණ්ඩලයට, ඉරානය බලා නෞකාව යාත්‍රා කරන ලෙස නියෝග කර ඇති බවයි.

නෞකාව පැහැරගෙන ඇත්තේ කවුරුන් ද යන්න තවම නිශ්චිතව කිව නොහැකි නමුත් ඉරාන හමුදාව එය පැහැරගන්නට ඇතැයි නාවික නිරීක්ෂක සංවිධානයක් සැක පළ කළ ද
ඉරාන හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

නෞකාව හෝර්මුස් සමුද්‍ර සන්ධිය දෙසට යාත්‍රා කරමින් තිබියදී මෙම සිද්ධියට මුහුණ පා ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම සිදුවන්නේ ඊශ්‍රායලයට අයත් තෙල් නැවකට ඕමානයේදී ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වී සතියකටත් අඩු කාලයකදී ය.

එම ප්‍රහාරයෙන් නෞකාවේ සිට බ්‍රිතාන්‍ය සහ රුමේනියානු ආරක්ෂක භටයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]