තවත් කොරෝනා මරණ 74 ක්...

තවත් කොරෝනා මරණ 74 ක් තහවුරු කෙරේ

by Sagarika Chathumali 03-08-2021 | 9:18 PM

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02)  තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 74 ක් අද (03) වාර්තා කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස  අතරින් 48 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 26 දෙනා කාන්තාවන් ය. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු එක් පිරිමි ආසාදිතයෙකු ද වේ. ඊට අමතරව අවුරුදු 30 - 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 17 දෙනෙකු මිය ගොස් ඇති අතර මියගිය ඉතිරි පුද්ගලයින් 56 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස ඉක්මවූ වැඩිහිටියන් ය.