මීගොඩ රිය අනතුරිකින් බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මරුට

ලොරියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මරුට

by Staff writer 03-08-2021 | 4:46 PM

COLOMBO (News 1st) - මීගොඩ, වටරැක ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් බිළිඳෙකු ඇතුළු තුන්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගොඩගම සිට පැමිණි ලොරි රථයක් පාදුක්ක දෙස සිට පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු, එහි ගමන් ගත් මාස 03ක බිළිඳෙක් සහ වයස අවුරුදු 57ක කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ත්‍රිරෝද රථයේ ගමන් ගත් තවත් අයෙකු තුවාල ලබා ගොඩගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල බවය. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.