තහනමේ කිසිදු වෙනසක් නැහැ. - මුදල් අමාත්‍යාංශ ලේකම්

රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නැහැ... - මුදල් අමාත්‍යාංශ ලේකම්

by Staff writer 03-08-2021 | 10:18 PM

COLOMBO (NEWS1ST) : රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දියර නයිට්‍රජන් යම් ප්‍රමාණයක් රටට අවශ්‍ය බැවින් ඒවා බලපත්‍ර මත ගෙන්වීමට පමණක් මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති බවයි. නමුත් රේගු කටයුතුවලදී යොදා ගන්නා එච්.එස්. කේතය යටතට මෙම දියර නයිට්‍රජන මෙන්ම ඇතැම් රසායනික පොහොර ද ඇතුළත් වන බව ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු අවධාරණය කළේ, පොහොර සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය මත කාබනික පොහොර නිෂ්පාදන සඳහා අවශ්‍ය රසායනික පමණක් රජයේ බලපත්‍රයක් මත ගෙන්වීමට ඉඩ දෙන බවයි. දැනටමත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදුකර ඇති බවත් කෘෂිකර්ම හා කාබනික පොහොර පිළිබඳ අමත්‍යාංශ නිර්දේශ මත පමණක් මේවා ගෙන්වීමට අනුමැතිය ලබාදෙන බව ත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළේ ය. https://www.youtube.com/watch?v=j8AcYPlBjfc