COLOMBO (News 1st) - ගත වූ දින 6 කාල සීමාවේදී පමණක් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 13,877 දෙනෙකු වාර්තා වී තිබේ.
පසුගිය 28 වැනි දා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1940 කි.
පසුගිය 29 වැනි දා සිට මේ දක්වා මෙරටින් දෛනිකව වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව 2000 සීමාව ඉක්මවා ගියහ.
පසුගිය 29 වැනි දා ආසාදිතයින් 2,370 ක් හා 30 වැනි දා 2,460ක් වාර්තා විය.
ජූලි 31 වැනි දා මෙරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 2177 කි.
ආසාදිතයින් 2510 දෙනෙකු පසුගිය 01වැනිදා වාර්තා වූ අතර ඊයේ දිනියේදී හඳුනා ගත් රෝගීන් සංඛ්‍යාව 2,420 කි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක,
දැනට සිදුවී ඇති මරණ 4,503න් සියයට 99 ක්ම මිය ගොස් තිබෙන්නේ කිසිම එන්නත් මාත්‍රාවක් ලබා නොගත්ත අයයි. 40 දෙනෙක් ඒ කියන්නෙ සියයට දශම බින්දුවයි අටක්, එක මාත්‍රාවක් ලබා ගත්තු අය. මේ හාරදාහස් ගාණෙන්ම 9 දෙනයි මාත්‍රා දෙකම ලබාගෙන මේ රෝගයට ගොදුරු වෙලා තියෙන්නෙ. ඔබ දන්නවා මේ එන්නත්කරණයෙන් වුණත් බොහෝ නිදන්ගත රෝග අපි දන්නවා ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් මේ රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. සමහරුන්ගේ මතයක් තියෙනවා එන්නත් ලබා ගත්තට පසුව අපිට සාමාන්‍ය ජීවිතයකට යකන්න පුළුවන් කියලා. ඒක වැරදි මතයක්. ඔබ ආරක්ෂා වෙන්න ඕනේ මේ මාස දෙක තුනවත්.