කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය..

දින 2ක් තුළ පුද්ගලයින් 244,251 කට ඇස්ට්‍රාසෙනෙකා ‌දෙවන මාත්‍රාව ලබා දී අවසන්...

by Staff writer 03-08-2021 | 11:18 AM

COLOMBO (News1st) : ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයින් 244,251 දෙනෙකුට ලබාදී තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, දින දෙකක් තුළ එම එනන්ත් මාත්‍රා ලබා දුන් බවයි. ඊයේ දිනය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 174,985 කි. ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රා ලබා ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 630, 136ක් දක්වා ඉහළ ගොස් තිබේ. සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ද පුද්ගලයින් 1,803,524 දෙනෙකුට ලබාදී ඇතැයි සඳහන් ය. ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 14,503 දෙනෙකුට ලබාදී තිබේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 201,507 කුට ලබාදී ඇති අතර , දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව සටහන් වුණේ 198 ක් ලෙසයි. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 7 16,581 කුට ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 313,769 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ , නව ආසාදිතයින් 2,382 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. කොරෝනා මරණ 63 ක් ද , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4571 කි. ආසාදනයෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ, 2 80,868 ක් ලෙසයි.