ඇෆ්ගනිස්ථානයේ යුද ගැටුම් උග්‍ර වෙයි

තලේබාන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසක යුද ගැටුම් උග්‍ර වෙයි

by Staff writer 03-08-2021 | 8:16 AM

COLOMBO (News1st) :  තලේබාන් සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්ථානයේ යුද ගැටුම් යළි ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ දකුණු හෙල්මාන් පළාතේ ලස්කාර් දා නගරය තලේබාන් සටන්කාමීන් අතට පත්වීමේ අවදානමක් ඇති බවයි. ගැටුම් උග්‍ර වීම හමුවේ පුද්ගලයින් දහස් ගණනක් ග්‍රාමීය ප්‍රදේශවලින් පලා ගොස් ගොඩනැගිලිවල රැකවරණ ලබමින් සිටී. තලේබාන් සටන්කාමීන් රූපවාහිනි මධ්‍යස්ථානයක් ද සිය ග්‍රහණයට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ය. වසර 20 කට අධික කාලයක් ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටි අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමත් සමග තලෙන්බාන් සටන්කාමීන්ගේ ප්‍රහාර දැඩි කරමින් ඇතැයි සඳහන් ය.