ජනපති යුද හමුදා මූලස්ථානයට

ජනපති යුද හමුදා මූලස්ථානය නිරීක්ෂණ කරයි

by Staff writer 03-08-2021 | 8:39 PM

COLOMBO (News 1st) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(03) පෙරවරුවේ අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත්තේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා උත්තමාචාරයක් පිරිනැමුණි. මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මහතා ගුවන් සංග්‍රාමික බලසේනාවේ ඉදිරි සැලසුම් පැහැදිලි කළ අතර එම තොරතුරු ඇතුළත් ග්‍රන්ථය සහ ජනාධිපතිවරයා‍ගේ සංචාරය සනිටුවහන් කරමින් සමරු තිළිණ ප්‍රදානය සිදු කෙරිණි. ගුවන් සංග්‍රාමික බලසේනාවේ විද්‍යුත් ග්‍රන්ථය අන්තර්ජාලයට එක් කළ ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානයේ පිහිටි ක්‍රියාන්විත මෙහෙයුම් මැදිරිය ද විවෘත කළේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, යුද හමුදා මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරය ඇතුළු ස්ථාන රැසක් මෙහිදී ජනාධිපතිවරයා නිරීක්ෂණය කළ බවය. ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසුව ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේ ය.