ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත්

ගුරු - විදුහල්පතිවරු අද ත් ඔන්ලයින් ඉගැන්වීම්වල නැහැ...

by Staff writer 03-08-2021 | 9:39 AM

COLOMBO (News1st) : ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (03) ත් ක්‍රියාත්මක වේ.

ඒ සිය වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමිනි. මේ අතර ගුරු - විදුහල්පති වැටුප් වැඩිකිරීමක් මෙම අවස්ථාවේ සිදුකළ නොහැකි බවට අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි.