''කොතලාව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමට ජනපති පොරොන්දුවුණා..''- සම කැබිනට් ප්‍රකාශක

by Staff writer 03-08-2021 | 1:30 PM

COLOMBO (News1st) :  යෝජිත කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීමට ජනධිපතිවරයා පොරොන්දුවී ඇති බව අද (03) කැබිනට් මාධ්‍ය හමුයේදී අනාවරණය විය.

යෝජිත කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ලබන 6 වනදා විවාදයට නොගන්නා බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, රජය පනත් කෙටුම්පත හා සම්බන්ධ සියලු මතවාදයන්ට සවන් දී කළ යුතු සංශෝධන තිබේ නම්, එම සියලු සංශෝධන ඉදිරියට ගෙන ඒමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවයි.