කොතලාවල කෙටුම්පත විශේෂ කාරක සභාවකදී සාකච්ජාවට

කොතලාවල පනත් කෙටුම්පත විශේෂ කාරක සභාවක් හමුවේ සාකච්ජා කර පාර්ලිමේන්තුවට .... ආණ්ඩුවේ එකඟතාවක්

by Staff writer 03-08-2021 | 9:00 AM

COLOMBO (News1st) :  ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේදි ඊයේ (02) පස්වරුවේ පැවැත්විය.

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට එහිදී තීරණය කර තිබේ. සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළහ.